Wednesday, March 26, 2025
Follow Us
දුර පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

රටවල් 119ක ක්‍රීඩකයන් 8,250කගේ සහභාගිත්වයෙන් ලෝක ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරඟාවලිය ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවැත්වුණි. 

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සචිත්‍රා ජයකාන්ත කාන්තා දුර පැනීමේ ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගැනීමට සමත් වී තිබේ.

ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමා­ජයේ නායි­කාව ලෙසින් ද ඇය කට­යුතු කරන අතර, මේ තර­ගා­ව­ලි­යෙන් පසු ඇය පසු­ගි­යදා යළි මෙර­ටට පැමි­ණියා. ගුව­න්තො­ටු­පො­ළේදී ඇය පිළි­ගැ­නීම සඳහා ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමා­ජය වෙනු­වෙන් ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මහින්ද ගල­ගෙ­දර මහතා ඇතුළු නිල­ධා­රීන් පිරි­සක් එක්ව සිටි­යහ.