යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා, වී ගබඩා 100ක් අවශ්‍යතාවය පරිදි විවෘත කිරීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි.
දැනට වී අස්වනු නෙළා අවසන් කරන ලද දිස්ත්‍රික්කවල වී ගබඩා 32ක් විවෘත කර තැබීමට කටයුතු යොදා තිබෙනවා. වී අලෙවි මණ්ඩලයට සම්බා සහ කීරි සම්බා වී ගොවීන් වැඩිපුර අලෙවි කරනු ඇතැයි තමන් අපේක්ෂා කරනවා.
මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 2000ක් වී අලෙවි මණ්ඩලයට ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පසුගිය ජූනි මාසයේ දී ඇමැති මණ්ඩලය පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබූ අතර එහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 500ක් ලබා දීමට පසුගිය 26 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ව වූ ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිණි. ඒ අනුව පසුගිය 27 වැනිදා සිට වී මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය පියවර ගෙන තිබිණි.
දැනට කීරි සම්බා වී මිල වෙළෙඳපොළේ රුපියල් 105-110 වැනි මිලකට පහළ ගොස් ඇති නමුත් කීරි සම්බා සඳහා රජය විසින් පනවන ලද රුපියල් 130 උපරිම මිල ගණන් යටතේ එම වී තොග මිල දී ගැනීම සිදු කරනවා. මේ වන විට නාඩු වී සඳහා ඉහළ මිලක් වෙළෙඳ පළේ ඇති නිසා පුද්ගලික අංශය රුපියල් 120ක මුදලකට ඒවා මිල දී ගනු ලබයි.