Wednesday, February 11, 2026
Follow Us

වසර 11කට පසු ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයට සීමිත තරග විභාග යටතේ බඳවා ගත් නිලධාරීන් සඳහා පත්වීම් ප්‍රදානය පසුගියදා (20) සිදු කෙරිණ. 

මේ අනුව සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (කෘෂි සංවර්ධන) තනතුරු 79ක් ද සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (කෘෂි පර්යේෂණ) තනතුරු 53ක් ද සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (කෘෂි ආර්ථික) තනතුරු 4ක් ද සඳහා පත්වීම් ප්‍රදානය කෙරිණි.

 නවක නිලධාරීන් සිය සේවාස්ථ පුහුණුවෙන් පසු  අගෝස්තු 26 දින සිට නව තනතුරේ රාජකාරි ආරම්භ කරනු ඇත.