Wednesday, July 01, 2026
Follow Us
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ මනාපය සංශෝධන ගැටලුව නිරාකරණයට පියවර

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ දී නව සේවා නිලධාරීන් ලෙස අන්තර්ග්‍රහණය වූ සමෘද්ධි නිලධාරීන් වෙත මුල් සේවා නිලධාරීන් ලෙස මනාපය සංශෝධනය කිරීමට නැවත අවස්ථාවක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකගතාව පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව එම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

නිලධාරීන් 3,027 දෙනෙකුට ඊට අවස්ථාව හිමි වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

දීර්ඝ කාලයක් තිස්සේ තමන් මුහුණ දුන් මෙම ගැටලුව හේතුවෙන් පත්ව ඇති පීඩාව සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඊට කඩිනම් විසඳුම් ලබා දීමට තීරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.