Tuesday, October 06, 2026
Follow Us

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්  ඊයේ(18) හික්කඩුව වෙරළ තීරය සහ තංගල්ල වරාය හා ඒ ආශ්‍රිත වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා ගේ අධීක්‍ෂණය යටතේ, ශ්‍රි ලංකා නාවික නෞකා නිපුණ සහ රුහුණ ආයතනයන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන මඟින්, හික්කඩුව වෙරළ තීරයේ සහ තංගල්ල වරාය හා ඒ ආශ්‍රිත වෙරළ තීරයෙහී විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.