Tuesday, September 10, 2024
Follow Us
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අදින් ඇරඹේ

මහ­නු­වර ඇසළ පෙර­හර අදින් ඇරඹෙන අතර අද ප්‍රථම කුඹල් පෙර­හර අද (10) වීදි සංචා­රය කිරී­මට නිය­මි­තයි.

ශ්‍රී දළදා මාලි­ගාව අබි­ය­සින් දකුණු දිශා­භි­මු­ඛව පස්වරු 6.06ට පිට­ත් වන පෙර­හර ශ්‍රී දළදා වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය, පන්සල පාර, දේව වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටි­නු­වර වීථීය ඔස්සේ ගමන් කර රජ වීදි­යෙන් ඉහ­ළ­ට ­විත් ගෙව­දී­මට නිය­මි­තය.

අද සිට ලබන 20 දක්වා මෙම පෙරහැර පැවැත්වේ.

මෙවර මහ­නු­වර ඇසළ පෙර­හරේ ආර­ක්ෂාව වෙනු­වෙන් පොලිස් නිල­ධා­රීන් 5500ක පමණ පිරි­සක් යොදවා ඇති බව වාර්තා වෙයි.

මහ­නු­වර ඇසළ පෙර­හරේ ප්‍රථම කුඹල් පෙර­හර කුඩා දරු­වන්ට පෙන්වී­මෙන් ඔවුන්ගේ අපල උප­ද්‍රව දුරු­වන බවට අතී­තයේ සිට පැවත එන මත­යක් පවතින බැවින් මෙදිනට විශාල ජනතාවක් පෙරහැර නැරඹීමට එක්වෙති.