මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් යෙදවීමට ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.
එම මණ්ඩලය සඳහන් කළේ, විශේෂ බස් රථ සේවාව ලබන මස 14 වනදා සිට 19 වනදා දක්වා ක්රියාත්මක බවයි.
මෙම සේවාව දිවා - රාත්රී සේවා ලෙස මහනුවර දිස්ත්රික්කය ආවරණය වන පරිදි ක්රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව දිස්ත්රික්ක පුරා බස් රථ 438ක් යෙදවීමට තීරණය කර තිබෙන අතර මීට අමතරව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, කෑගල්ල, කොළඹ, ගම්පහ, නාවලපිටිය, ගම්පොල යන ප්රදේශවල සිට ද තවත් අතිරේක බස් 100ක් යෙදවීමට සැලසුම් කර තිබේ.