Thursday, February 12, 2026
Follow Us
නව නිපැයුම්කරුවන් සඳහා සම්මාන ප්‍රදානය කෙරේ

2017-2020 කාලය තුළ හොඳ ම නව නිපැයුම්කරුවන් සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (01) පැවැත්විණි.

මෙම ජනාධිපති සම්මාන උළෙල ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් සංවිධානය කරනු ලැබීය.

රාජ්‍ය අමාත්‍යවරු වන අරවින්ද් කුමාර් සහ විජිත බේරුගොඩ, ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ ආයතනයේ කොමසාරිස් සිරිල් සුදුවැල්ල යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.