Thursday, February 12, 2026
Follow Us
ආදිවාසි නායකයා අගමැති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සඳහා නව නීති හඳුන්වාදීම පිළිබඳ සාකච්ඡා කිරීමට ආදිවාසි නායක ඌරු වරිගේ වන්නියල ඇත්තෝ, පසුගියදා (29) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

 මෙරට ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සඳහා නව නීති හඳුන්වාදීම සම්බන්ධයෙන් දැනටමත් ආරම්භ වී ඇති ක්‍රියාදාමය කඩිනම් කිරීමට අදාළ අමාත්‍යංශ කැඳවා සාකච්ඡා කිරීමට එහිදී අග්‍රාමාත්‍යවරයා, ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

මෙම හමුවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාද, බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) නිශාන්ති ජයසිංහ මහත්මියද එක්ව සිටියහ.