Thursday, February 12, 2026
Follow Us
ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත්කිරිම ගුවන් හමුදාපතිගේ ප‍්‍රධානත්වයෙන්

සුරකිමු ලකඹර තේමා කර ගනිමින් ශ‍්‍රි ලාංකීය ලක් අඹර සුරකිමින් දේශයේ ස්වෛරීත්වය ආරක්ෂා කරනු ලබන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් කාර්ය්‍යට උරදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයෙකු, සමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක්වන අංක 78 වන ශිෂ්‍ය නිලධාරී පාඨමාලාව (වෛද්‍ය, නීති, සිවිල් ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, ගුවන් හා සාමාන්‍ය ඉංජිනේරු) සහ අංක 35 කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කෙඩෙට් නිලධාරී පාඨමාලාව (වෛද්‍ය) හැදෑරූ නිළධාරීන්, නිළධාරිනියන් අධිකාරියට පත් කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී අද (29) අභිමානවත් අයුරින් සිදු කෙරුණි.

ගුවන් හමුදා කැඩෙට් නිලධාරි පාඨමාලාව විසිරයාමේ පෙළපාලියේ අණදෙන නිළධාරී වශයෙන් ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ නිළධාරී අණදෙන පුහුණු විංග් කමාන්ඩර් කනිශ්ක ජයසේකර නිළධාරිතුමන් කටයුතු කරනු ලැබු අතර, මෙහිදි අංක 78 ශිෂ්‍යය නිළධාරී පාඨමාලාවේ ශිෂ්‍යය නිළධාරීන් 06 දෙනෙකු, ශිෂ්‍යය නිළධාරිනියන් 10 දෙනෙකු සහ අංක 35 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කැඩෙට් නිලධාරී පාඨමාලාව හැදැරු කැඩෙට් නිළධාරීන් 12 දෙනෙකු ඇතුලුව ශිෂ්‍යය නිළධාරීන්, නිළධාරිනියන් හා කැඩෙට් නිළධාරීන් 28 දෙනෙකු අධිකාරියට පත් කිරිම සිදු විය.