Sunday, September 08, 2024
Follow Us
උතුරේ පලතුරු කොළඹට

උතුරු පළාතේ නිෂ්පාදනය කරන මිලෙන් අඩු පලතුරු කොළඹට ගෙන්වා පාරිභෝගිකයින්ට සහන මිලකට ලබාදීමේ වැඩපිළිවළෙක් නුදුරේදීම ක්‍රියාත්මක කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පවසයි.

 කොළඹදී පාරිභෝගිකයාට පලතුරු සඳහා අධික මිලක් දැරීමට තිබෙන නිසා මෙම පියවර ගැනීමට කටයුතු කර තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී උතුරු පළාත් සංවර්ධනය සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මේ වන විට උතුරු පළාතේ වැවෙන පලතුරු කොළඹට ගෙන්වීමේදී මුහුණපෑමට සිදුවන ප්‍රධාන ගැටලු වශයෙන් ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම සහ ගබඩා පහසුකම් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම ‍පෙන්වාදුන් ආණ්ඩුකාරවරිය ප්‍රවාහන අමාත්‍යංශය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද පැවසුවාය.

මේ සඳහා විශේෂ අරමුදලක් හිමිවන බව ප්‍රවාහන අමාත්‍යවරයා පැවසූ බවද, එමගින් උතුරු පළාතේ සෑම දුම්රිය ස්ථානයකම ගබඩා පහසුකම් නවීකරණය කර විදිමත්ව උතුරේ පලතුරු කොළඹට ගෙනඒම සඳහා කඩිනම් ක්‍රමවේදයක් සකසන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.