Sunday, September 08, 2024
Follow Us
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් මහා තරඟයට

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර අවසන් පූර්ව තරඟය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(26) සමත්විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 140 ක් ලබාගත්හ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධනී සහ කවීෂා දිල්හාරි කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් විය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 19 පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී කඩුලු 7 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට හැකිවිය.

පන්දුවට පහරදීමේදී නායිකා චමරි අතපත්තු ලකුණු 63 ක් සහ අනුෂ්කා සංජීවනී  නොදැවී ලකුණු 24 ක් ලබාගත්හ. ඒ අනුව 2024 ආසියානු කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ සමත් විය.