Sunday, September 08, 2024
Follow Us
ශ්‍රී ලංකා කාන්තා පිළ අපරාජිතව අවසන් පූර්ව වටයට

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ මූලික වටය යටතේ තායිලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගිවූ තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට ඊයේ(24) සමත්විය.

පළමුව පන්දුවට පහර දුන් තායිලන්ත කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළදී ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 93ක් පමණි. පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි ලකුණු 13කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 94 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 11.3 කදී කිසිවකු නොදැවී ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් විය. චමරි අතපත්තු පන්දු 35 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 49 ක්ද විෂ්මි ගුණරත්න පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් නොදැවී ලකුණු 39 ක්ද රැස් කිරීමට සමත්වූහ.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වූ තරඟ තුනම ජය ගනිමින් 'B' කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.