Thursday, February 12, 2026
Follow Us
දේශීය කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡාවක්

දේශීය කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ සහ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

තම කර්මාන්ත පවත්වාගෙන යාමේ දී අමු ද්‍රව්‍ය මත බදු අය කිරීම හේතුවෙන් පත්ව ඇති අපහසුතා දේශීය කර්මාන්තකරුවන් මෙහි දී පෙන්වා දී තිබේ.

මෙම  සාකච්ඡාවේ දී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ගැටලුවට තුඩු දෙන භාණ්ඩ ලැයිස්තුවෙන් බදු සහන ලබා දිය හැකි භාණ්ඩ පිළිබඳ අවධානය යොමු කරන බවයි.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගී විය.