Sunday, September 08, 2024
Follow Us
අතුරුගිරිය මංසන්ධිය පුළුල් කොට සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ

ප්‍රවාහන මහා මාර්ග අමාත්‍යංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදු කෙරෙන අතුරුගිරිය මංසන්ධිය පුළුල් කොට සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) ආරම්භ කෙරිණි.

කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ,ආචාර්ය මේජර් ප්‍රදීප් උදුගොඩ මහතාගේ ආරාධනයෙන් අමාත්‍යවරයා මීට සහභාගී විය.

දෛනිකව අති විශාල රථවාහන සහ මගින් ප්‍රමාණයක් ගමන් ගන්නා අගනුවරට ආසන්න ප්‍රධානතම නගරයක් වන අතුරුගිරිය නගරය තුළ නිරන්තරයෙන් ඇතිවන රථ වාහන තදබදය හේතුවෙන් ජනතාව විශාල පීඩාවකට පත්වේ.

මෙම තත්ත්වයට පිළියම් සලසමින් විධිමත් සැලසුමකට අනුව අතුරුගිරිය මංසන්ධිය පුළුල් කොට සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 2,800 ක මුදලක් වැය කිරීමට නියමිතයි.

මොරටුව හේන බෝධිරුක්ඛාරාම විහාරාධිපති පුජ්‍ය වෑතර සිරිනන්ද නායක ස්වාමීන් වහන්සේ, අතුරුගිරිය පෝරේ ශ්‍රී මහා විහාරය අධිපති පුජ්‍ය රත්මල් වැටියේ සීලවිමල නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සංවර්ධන කටයුතු ආරම්භ කෙරිණි.

කඩුවෙල ප්‍රාදේශීය ලේකම්, සම්පත් ඉඩංගොඩගේ මහතා,කඩුවෙල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් දිල්රුක්ෂි ගමගේ මහත්මිය, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබංඩාර මහතා, සහස්යා ඉන්වෙස්ටමෙන්ට්ස් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි කේ. ඩබ්.කණ්ඩම්බි මහතා, රජ සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා,බස්නාහිර පළාත් අධ්‍යක්ෂ දර්ශන රුවන් මහතා, කඩුවෙල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය මහතා, හිටපු මන්ත්‍රී නිල් ශාන්ත මහතා ඇතුළු මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.