Friday, October 18, 2024
Follow Us
ඊශ්‍රායලයෙන් නව රැකියා කෝටාවක්

ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රය සඳහා නව කෝටාවක් ලැබී ඇතැයි විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

හෝටල් ක්ෂේත්‍රය සඳහා NVQ තුන සහතිකය ලබා ගත් තරුණ තරුණියන් සිටී නම් ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රය සඳහා  අයදුම් කළ හැකි බවද අමාත්‍යවරයා කීය. ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ,

 අපි ඊශ්‍රායලය සමග ගිවිසුම් කිහිපයක් අත්සන් කර තිබුණා. සීසනල් වර්කස්ල යැවීම මේ වෙන විට නතර කර තිබෙනවා. ඊට හේතුව ඇතැම් ශ්‍රමිකයින් නීති විරෝධී ලෙස  ඊශ්‍රායලයට ගොස් නතර වීම. අපි මේ සම්බන්ධයෙන නැවත ඉල්ලීමක් කළා. ඒ අනුව වසරකට සාත්තු සේවිකාවන් 2000ක් පමණ යැවීමට එකගතාවය පළ කර තිබෙනවා.

තරුණයින් දස දහසක් කෘෂිකර්මාන්තය  සඳහා යැවීමට අවස්ථාව ලැබුණා. නමුත් ඇතැම් තරුණයින් ඊශ්‍රායලයට ගොස් උද්ඝෝෂණ සිදු කිරීම නිසා  ඇතැම් ආයතන ලංකාවෙන් ශ්‍රමිකයින් නොගැනීමට තීරණය කර තිබෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය තරුණ තරුණියන් එම ආයතනම මෙරටට පැමිණ තෝරාගෙන තිබෙනවා. එම නිසා ඔවුන් මේ වන විට හොඳට වැඩ කරනවා.