Sunday, September 08, 2024
Follow Us
ප්‍රසූත නිවාඩු සම්බන්ධ ගැටලු විසඳීමට පියවර

මවුකිරි දීමේ වැදගත්කම පිළිබඳ සලකා බලමින් ප්‍රසූත නිවාඩු සම්බන්ධව මතුව ඇති ගැටලු අමාත්‍යංශ මට්ටමෙන් සාකච්ඡා කර විසඳන බවත් සෑම දෙනාටම සමාන මාතෘ නිවාඩු ලබාදීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පවසයි.

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (17) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මෙහිදී පීතෘ නිවාඩුව සම්බන්ධවද අවධානය යොමුකරන බව පැවසූ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරිය මවුකිරි දීම ප්‍රවර්ධනයට සෑම අංශයකම දායකත්වය වැදගත් බව පෙන්වා දුන්නාය.

මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව පෞද්ගලිකව ලබාගන්නා පිරිසට රජයේ සේවාව මගින් ලබාදෙන සෞඛ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය පණිවුඩ එම ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන බවද පැවසුවාය.