Sunday, September 08, 2024
Follow Us
පාසල් වෙලාවේදී ටිෂුන් කළ ගුරාට වැඩ වරදි

පාසලේ සේවයට වාර්තාකර උපකාරක පංතියක සිසුන් පිරිසකට මුදලට ඉගෙන්විමට ගිය අනුරාධපුර, පාසලක උසස් පෙළ සිසුන් සදහා සංයුක්ත ගණිතය ඉගැන්වු ගුරුවරයෙකුගේ වැඩ තහනම් කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා පැවසිය.

මෙම ගුරුවරයා පාසල් වේලාවේ  උපකාරක පංතිවල සිසුන්ට මුදලට උගන්වන බවට දෙමාපියන් පිරිසක් විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට පැමිණිලි කොට තිබුණි.

එම පැමිණිල්ල මත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තවත් මාණ්ඩලික නිලධාරින් පිරිසක් සමග එම පාසලේ නිරික්ෂණය නිරතවු අවස්ථාවේ මෙම ගුරුවරයා පාසලේ ගුරුවරුන්ගේ පැමිණිමේ ලේඛනයේ අත්සන් කොට පාසලෙන් පිටතට ගොස් සාලියපුර ප්‍රදේශයේ උපකාරක පංතියක සිසුන්ට උගන්වා ඇති බවට අනාවරණයවු බව  පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසිය.

එසේම මෙම ගුරැවරයා කිසිදු බලධාරියෙකුගේ අනුමැතියකින් තොරව මෙම වසරේ මේ දක්වා දින 26 ක් නිවාඩු ලබාගෙන ඇති බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසිය.

ඒ අනුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා  ඊයේ (17)දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ගුරුවරයාගේ වැඩ තහනම් කොට තිබුණි.

Lankadeepa