Thursday, February 12, 2026
Follow Us
අත්අඩංගුවට ගත් ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්

රට තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත  ඝාතන සිද්ධියේදී, සැකකරුවන් දෙදෙනෙකු හැර ඊට අදාළ අනෙකුත් සියලු දෙනා අත්අඩංගුවට ගෙන අවසන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් මහතා පවසයි. 

කොළඹ අද (18) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එසේම ඝාතනය සැලසුම් කළ පිරිස් සහ විවිධ අදියරවලදී ඝාතනයට සම්බන්ධ වුණු සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.