Sunday, August 17, 2025
Follow Us
ප්‍රතිසංස්කරණය කරන ලද  මඩකලපුව - කුම්පුරුමුලයි වෙරළ මාර්ගය ජනතා අයිතියට

ලෝක බැංකුව ණය ආධාර යටතේ ක්‍රියාත්මක අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන ලද මඩකලපුව - කුම්පුරුමුලයි වෙරළ මාර්ගය ජනතා අයිතියට පත් කිරීම ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (13) සිදු කෙරිණි.

කි.මි 3.4ක දිගින් යුතු මෙම මාර්ගය ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, මඩකලපු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් මහතාගේ ඉල්ලීම පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය කර ඇති මුදල රු. මිලියන 275කි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරිය බණ්ඩාර මහතා ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.