Thursday, January 01, 2026
Follow Us
වනිඳු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇත. 

 නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔහුගේ අස්වීම භාරගත් බවයි.

 එසේම ඔහු ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවද එම නිවේදනයෙහි දැක්වෙන අතර ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ, "ක්‍රීඩකයෙක් වශයෙන් ශ්‍රී ලංකාවට කළයුතු උපරිමයෙන් මම කරනවා. එසේම මගේ කණ්ඩායමට සහ නායකත්වයට උපරිම සහාය දක්වනවා..." යනුවෙනි.

Aruna