Saturday, July 13, 2024
Follow Us
කතරගම පෙරහැරේ සිදු වූ අලි කලබලය

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුළු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බව වාර්තා වෙයි.

කතරගම පොලිසිය පැවසුවේ පෙරහැර ආරම්භ වීමෙන් පසු ඊයේ (6) රාත්‍රි 9.00ට මෙය සිදුව ඇත.

එම අවස්ථාවේ පෙරහර නරඹමින් සිටි පිරිස කලබල වී ඒ මේ අත දුවයාමෙන් මෙලෙස තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් කතරගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් අතර අසාධ්‍ය තත්ත්වයේ රෝගින් නොමැති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.