Saturday, July 06, 2024
Follow Us
සම සුදු කරගන්න ගියොත් වකුගඩුවලට වෙන දේ මෙන්න

සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම්වල අඩංගු රසදිය හේතුවෙන් වකුගඩු රෝගවලට ගොදුරු වන පිරිස ඉහළ ගොස් ඇති බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය පවසයි.

මෙම ක්‍රීම් වර්ග හේතුවෙන් පිළිකා රෝගවලට ගොදුරුවන රෝගීන්ගේ සංඛ්‍යාවද වැඩි වී ඇත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (03 වැනිදා) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට ප්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම රදිසය භාවිතය සම්පූර්ණයෙන්ම නැතිකිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

මෙහිදී විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට වැඩිදුරටත් මෙසේද කීවාය.

"මුළු සිරුරෙම විශාල රසදිය ප්‍රමාණයක් අලේප කළාම ඒක සම හරහා රුධිරයට අවශෝෂණය වෙන්නේ නැහැ කියලා කිසිම වගකීමක් නැහැ. එතකොට එහෙම වුණාම ඇත්තටම රසදියවලින් පිළිකාවලට වඩා වෙන්න පුළුවන් දේ තමයි වකුගඩු අකර්මණ්‍ය වීම. ශ්‍රී ලංකාව කියන්නේ හේතුවක් හඳුනා නොගත් වකුගඩු රෝග ඉතාම බහුලව තියෙන රටක්. ඒකට මේවයින් බලපෑමක් වෙනවාද කියන එක අපි කොහොමද පෙන්වන්නේ ."පැය 24ක් තුළ මම පරීක්ෂා කරන රෝගීන් දළ වශයෙන් 60ක් විතර සායන 40කින්. ඒ මුළු ගණනින් 06 දෙනෙක් ඒ කියන්නේ 10%ක් සුදුවෙන ක්‍රීම් නිසා ඇතිවුණ ගැටලු සහිත ආවේ. මේවා දිර්ඝ කාලීන නෙමෙයි කෙටිකාලීන. වැඩි හරියක් තියෙන්නේ Stretch marks.උදාහරණයක් විදිහට අත්ල පතුල් කළු වෙනවා. ඒ හැම කේනාගෙම පොදු සාධකය සුදුවෙන ක්‍රීම් භාවිතය. ඒ වාගේම නියපොතු දුඹුරුපාට. තැඹිලි පාට වෙනවා. මේවා පසුගිය මාස කිහිපය තුළ ඉස්සර දැක්කට වඩා අධික වශයෙන් දකිනවා. එන්න එන්නම මේ කෙටිකාලීන් අතුරු අබාධ වැඩියි. දීර්ඝ කාලීන වෙන්න කලින් මේ කෙටිකාලීන ඒවා ටික වෙනවා. පිළිකා එන්න කලින් වකුගඩු නරක් වෙලා ජීවිතය හානි වෙන්න පුළුවන්."

Aruna