Wednesday, June 26, 2024
Follow Us
නාල ගැබ් ගැනීමක් යනු කුමක්ද?
සංසේචනය වූ කලලයක් ගර්භාෂයෙන් පිටත, සාමාන්යයෙන් පැලෝපීය නාල වල තැන්පත් වූ විට නාල ගැබ් ගැනීමක් සිදු වේ. මෙය බරපතල තත්වයක් වන්නේ ගැබ් ගැනීම ආරක්ෂිතව කරගෙන යා නොහැකි නිසා සහ කලින් හඳුනාගෙන වෛද්ය ප්රතිකාර වලට යොමු නොවුණහොත් පැලෝපිය නාලය පුපුරා රුධිර වහනය වීම මඟින් ජීවිත අහිමිවීමක් සිදුවීමේ අවධානමක් ඇති බැවිනි.

ශ්රී ලංකාවේ ගැබ් ගැනීම් ආශ්රිත මරණ වලින් බහුතරයක් වැළැක්වීමට හැකි හේතු මත සිදුවේ. මේ අතරින් සෑම වසරකම කාන්තාවන් 5 දෙනෙකුගේ ජීවිත අහිමි වීමට හේතු වනුයේ නාල ගැබ් ගැනීම්ය. පූර්ව රෝග විනිශ්චය සහ ප්රතිකාර මගින් මෙම ජීවිත බේරා ගත හැකිය.

ලක්ෂණ සහ රෝග ලක්ෂණ:
* යටි බඩේ දරුණු වේදනාව. බොහෝ විට මෙය එක් පසෙක පමණක් වඩා තීව්රව දැනෙනු ඇත
* යෝනි මාර්ගයෙන් ලේ ගැලීම, අක්රමවත් හෝ සාමාන්ය කාලයට වඩා වෙනස්ව.
* ක්ලාන්තය හෝ සිහි මදි ගතිය
* උරහිස් වේදනාව
මතක තබා ගන්න: සෑම කෙනෙකුටම මෙම සියලු රෝග ලක්ෂණ දැනෙන්නේ නැති අතර සමහරුන්ට මෙම රෝග ලක්ෂණ කිසිවක්ම නොතිබිය හැකිය. ඔබ ගැබ්ගෙන ඇත්නම්, හෝ ගැබ් ගැනීමට හැකි වයසක පසුවන කාන්තාවක් නම්, ඉහත කී රෝග ලක්ෂණ කිසිවක් අත්විඳින්නේ නම්, විශේෂයෙන් යටි බඩේ වේදනාව දැනෙනවා නම්, වහාම වෛද්ය ප්රතිකාර වෙත යොමුවන්න.
ඔබ නාල ගැබ් ගැනීමක් සැක කරන්නේ නම් කුමක් කළ යුතුද?
හැකි ඉක්මනින් වෛද්යවරයකු හමුවීමට හෝ ළඟම ඇති රෝහලට යන්න.
ප්රධාන පණිවිඩය:
නාල ගැබ්ගැනීම් වැළැක්වීම සඳහා මුල් රෝග විනිශ්චය සහ ප්රතිකාර ඉතා වැදගත් වේ. ඔබ ගැබ්ගෙන ඇත්නම්, කිසියම් වේදනාවක් හෝ අසාමාන්ය රුධිර වහනයක් අත්විඳින්නේ නම්, වහාම වෛද්යවරයකු හමුවන්න.
මතක තබා ගන්න: මල්වර වූ දිනයේ සිට ඔසප් වීම නවතින වයස තෙක්ම සියලුම කාන්තාවන් මේ සඳහා අවදානමින් පසුවන අතර ැනුවත් වීම සහ සුපරික්ෂාකාරිත්වය මගින් පමණක් මෙම අවාසනාවන්ත තත්වයන් මගහැරිය හැක.
 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය