Wednesday, July 01, 2026
Follow Us
වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දියත පිහිණුම් තටාකය ඉදිකිරීමට රු.මි. 40ක මූලික ප්‍රතිපාදන පිරිනැමේ

ශාන්ත අන්තෝනි විද්‍යාලයේ යෝජිත දියත පිහිණුම් තටාකය සඳහා සංචාරක හා ඉඩම්, ක්‍රීඩා සහ යෞවන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සුරතින් මුල්ගල තැබීම ඊයේ (10) සිදු විය.

ඊට අදාළ මූලික ප්‍රතිපාදන වශයෙන් රුපියල් මිලියන 40 ක් මුදලක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රදානය කළ අතර පාසලේ පිහිනුම් තටාකය මෙන්ම ප්‍රේක්ෂකාගාරය ද ඉදිකිරීමට අපේක්ෂා කෙරේ. 

වත්තල ශාන්ත අන්තෝනි විදුහල අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩා අංශයෙන් ද එකසේ දස්කම් දක්වන පාසලකි.