Tuesday, October 06, 2026
Follow Us
කොළඹ - මහනුවර මාර්ගයේ කොටසක් පැය කිහිපයකට වැසෙයි

කොළඹ - මහනුවර මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් හෙට (08) දිනයේ වසා තැබීමට සැළසුම් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්දන ජයසිංහ පැවසුවේ අදාළ මාර්ගය හෙට පෙරවරු 10.00 සිට රාත්‍රී 7.00 දක්වා විටින් විට වසා තැබෙන බවයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලු රියැදුරන් විකල්ප මාර්ග භාවිතකරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

මාර්ගයේ ඇති අනාරක්ෂිත ගස් සහ කලුගල් ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Aruna