Thursday, February 12, 2026
Follow Us
විදෙස් කතගේ බෑගය, දේපළ සමඟ සැකකරු අත්අඩංගුවට
ස්කයි මැක්ගෝවන් නම් එංගලන්ත ජාතික තරුණිය සංචාරයක් සඳහා 2024.05.24 වන දින මෙරටට පැමිණි ඇති අතර පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ බස් රථයක් තුලදී ඇයගේ වටිනා ලැප්ටොප් පරිගණකය,කැමරාව සහ අනෙකුත් පෞද්ගලික දෑ සහිත බෑගය අස්ථානගතවීම හේතුවෙන් කොටුව පොලිසියට ඒ පිළිබඳ පැමිණිල්ලක් පසුගියදා ඉදිරිපත් කර තිබිණි.
 
 
සොරකම සම්බන්ධව සූක්ෂම ලෙස විමර්ශන සිදුකළ පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 2024.05.31 වන දින අලුයම කැලණිය, පෙතියාගොඩ ප්රදේශයේදී වයස අවුරුදු 31 ක් වූ එම ප්රදේශයේම පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.
සොරාගත් බෑගය, ලැප්ටොප් පරිගණකය, කැමරාව සහ බැංකු කාඩ්පත් ඇතූළු අනෙකුත් දේපලද සොයාගෙන පොලිස් භාරයට ගෙන ඇත.
පිටකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.