Sunday, June 16, 2024
Follow Us
වෙසක් දින ආර­ක්ෂා­වට ප්‍රජා පොලිස් සහ පොලි­සිය යොදවයි

මෙවර වෙසක් උත්ස­වය නිමි­ත්තෙන් ප්‍රජා පොලිස් කමිටු සාමා­ජි­ක­යින් 20,000ක් සමඟ ශ්‍රී ලංකා පොලි­සියේ නිල­ධා­රීන් 180,00ක් මහ­ජ­න­තා­වගේ ආර­ක්ෂාව සහ පහ­සුව සඳහා යොදවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැව­සූවේ වෙසක් උත්ස­වය නිමි­ත්තෙන් බැති­ම­තුන් එක්රැස් වන සිය­ලුම ස්ථාන පොලි­සිය විසින් හඳු­නා­ගෙන ඒ සඳහා උප­රිම ආර­ක්ෂා­වක් ලබාදී ඇති බවය.

දන්සල් අව­සා­නයේ ජෝගී නැටීම තුළින් ජන­තා­වට සිදු­වන අප­හ­සුතා හේතු­වෙන් එවැනි ස්ථාන සම්බ­න්ධ­යෙන් ප්‍රජා පොලිස් කමිටු සාමා­ජි­ක­යන් සමඟ පොලි­සිය අව­ධා­න­යෙන් සිටින බවත් දන්සල් අව­සා­නයේ ඉති­රි­වන කුණු කසළ නිසි පරිදි බැහැර කර­න්නේ­දැයි විම­සි­ල්ලෙන් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා සඳ­හන් කළේය. තොරණ සහ දන්සල් සඳහා එක් වීමේදී කාන්තා­වන්ට දරු­වන්ට වන හිරි­හැර සම්බ­න්ධ­යෙන් දැඩි විම­සි­ල්ලෙන් පසු­වන අතර එවැනි පුද්ග­ල­යන් අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා සිවිල් පොලිස් නිල­ධා­රීන්ද යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා අව­ධා­ර­ණය කළේය.

මහ­ජ­න­තා­වට අව­හිරි වන පරිදි නළා පිඹි­මින් යතු­රු­පැ­දි­වල හිස් වැසුම් නොමැ­තිව ගමන් කරන පුද්ග­ල­යන් මෙන්ම ත්‍රිරෝද රථ­වල විශාල පිරි­සක් ගමන් කිරීම සම්බ­න්ධ­යෙන්ද පොලි­සිය දැඩි විම­සි­ල්ලෙන් පසු­වන බවද පව­සන පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා එවැනි පුද්ග­ල­යන්ට එරෙ­හිව නීතිය දැඩිව ක්‍රියා­ත්මක කිරී­මට පොලිස් නිල­ධා­රීන්ට උප­දෙස් ලබාදී ඇතැ­යිද කීය.

සෞඛ්‍යා­ර­ක්ෂිත බව මෙන්ම ජන­තා­වට පිරි­සිදු ආහාර පාන ලබා­දීම දන්ස­ල්ව­ලින් සිදු කෙරෙ­න්නේද යන්න මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන් සමඟ පොලි­සිය විම­සි­ල්ලෙන් කට­යුතු කරන අතර දන්සල් අසල වාහන නැවැ­ත්වී­මේදී ගම­නා­ග­ම­න­යට අව­හිර නොවන අයු­රින් කට­යුතු කරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටී.