Thursday, July 02, 2026
Follow Us
දුම්රිය සාමාන්‍යාධිකාරි අභාවප්‍රාප්ත වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර අද (23)  අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී එලෙස අභාවප්‍රාප්ත ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) හා අතිරේක සාමාන්‍යාධිකාරි (යටිතල පහසුකම්) පදවි ඇතුළු දුම්රිය ක්ෂේත්‍රයේ ඉහළ පදවි රැසක් ද ඔහු විසින් හොබවනු ලැබීය.