Thursday, May 02, 2024
Follow Us
ජපානයේ හෙද සත්කාර රැකියා අවස්ථා

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ Im Japan ආයතනය එක්ව ලබාදෙන ජපන් රැකියා වැඩසටහන යටතේ ප්‍රථම වරට ජපානයේ SSW වීසා කාණ්ඩය යටතේ හෙද සත්කාර සේවා අංශයේ රැකියා අවස්ථා විවර කරගත් ශ්‍රමිකයෙක් ඇතුළු ජපන් රැකියා අවස්ථා හිමි වූවන්  පිරිසකට ඊයේ (17)  ගුවන් ටිකට් පත් පිරිනමනු ලැබීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති මෙම වැඩසටහනේදී තාක්ෂණික සේවාස්ථ පුහුණුව යටතේ රැකියා අවස්ථා හිමිවූ පස් දෙනෙකුටද  කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ගුවන් ටිකට්පත් ලබා දුනි.

එම පිරිස අතිරින් පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහාද එක් කාන්තාවක් නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහාද අවස්ථාව හිමිකරගෙන තිබිණ.

මෙම සියලුදෙනා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් SSW වීසා කාණ්ඩයේ රැකියා පිළිබඳ කළ දැණුවත් වීම් යටතේ අයැදුම් කළ පිරිස් වීමද විශේෂත්වයකි.

මෙම අවස්ථාවට ජපානයේ රැකියා අවස්ථාවන් සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබන IM Japan ආයතනයේ නියේජිතයින් වන අට්සුකෝ ෂිජියෝකා මහත්මිය  සහ සෝගෝ ඉසිකාවා මහත්මා එක්ව සිටියහ.