Friday, February 13, 2026
Follow Us
පැල සිටුවීමේ නැකත අද

සිංහල අලුත් අවුරුදු නැකත් සිට්ටුවේ අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත අද (18) පෙරවරු 10.16ට යෙදී තිබේ.

 දකුණු දිශාව බලා රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පැළ සිටුවන ලෙස ජාතික නැකත් සීට්ටුවේ සඳහන්ය.නැකතට පැළයක් සිටුවීමේ ජාතික මහෝත්සවය කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද පෙරවරුවේ නියමිත නැකත් වෙලාවට අනුව පැවැත්වේ.

මෙයට සමගාමීව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන මඟින් රට පුරා රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව වැවිලි භෝගයක් ලෙස පුවක් පැළ මිලියන 1.5ක් රෝපණය කිරීමේ වැඩසටහන, තේ වතුවල පුරප්පාඩු සිටුවීම සඳහා තේ පැළ මිලියනයක් ලබාදීම, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් තේ වතු වගා ලක්ෂයක් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් තේ වතු වගා 30,000ක් ආරම්භ කිරීම ද සිදු කෙරේ.