Thursday, July 02, 2026
Follow Us
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ පමණක් මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

එම මාස කිහිපය තුළ බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 7,547ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඒ හේතුවෙන් ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසයි.