Monday, April 29, 2024
Follow Us
CIDය මෛත්‍රී­ගෙන් පැය 5ක ප්‍රකා­ශ­යක් ගනී

පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් මහ­නු­ව­රදී කළ ප්‍රකා­ශ­යක් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව දීර්ඝ ලෙස පැය පහ­කට අධික කාල­යක්  හිටපු ජනා­ධි­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී මෛත්‍රී­පාල සිරි­සේන මහ­තා­ගෙන් ඊයේ (25)  ප්‍රකා­ශ­යක් සට­හ­න්කර ගෙන තිබේ.

පෙර­වරු 10.30ට පමණ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පෙනී සිටි හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් පිටව ගොස් ඇත්තේ සවස 3.50ට පම­ණ ද වාර්තා වේ. 

සහ­කාර පොලිස් අධි­කා­රී­ව­ර­යකු ඉදි­රි­පිට පොලිස් පරී­ක්ෂක ශ්‍රේණියේ නිල­ධා­රි­යකු විසින් ප්‍රකා­ශය සට­හ­න්ක­ර­ගෙන ඇති අතර හරස් ප්‍රශ්න ද එහි දී අසා තිබේ. 

මෛත්‍රී­පාල සිරි­සේන මහතා මෙහිදී පවසා ඇත්තේ පාස්කු ප්‍රහා­රය එල්ල කළ බව කියන සැබෑ අප­රා­ධ­ක­රු­වන් ගැන තමාට දැන ගන්නට ලැබුනේ සති තුන­කට පමණ පෙර බවය. තමාට තොර­තුරු ලබා­දුන් අය කවු­රු­න්දැයි පැහැ­දි­ලි­වම හෙළි­කි­රී­මක් ඔහු විසින් සිදු­කර නැති බව ද සඳ­හන්ය. මෙහි දී මෛත්‍රී­පාල සිරි­සේන මහතා විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට  ලබා­දුන් ප්‍රකා­ශයේ අන්ත­ර්ග­ත­යෙන් කියැ­වෙන තොර­තුරු සම්බ­න්ධ­යෙන් නැවත සොයා බැලී­මක් කර නීති­ප­ති­ව­ර­යා­ගේද උප­දෙස් අනුව ඉදිරි ක්‍රියා­මාර්ග ගන්නා බව  උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

මෛත්‍රී­පාල සිරි­සේන මහ­තා­ගෙන් ලබා­ගත් ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් වූ  ඉදිරි නඩු දින­ය­කදී අධි­ක­ර­ණ­යට කරුණු දැක්වී­ම­ටද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­න­මින් සිටින බව ආරංචි මාර්ග සඳ­හන් කළේය.

-Dinamina