Friday, February 13, 2026
Follow Us
කිරි තේ මිල රුපියල් 10කින් අඩුවෙයි

කිරි තේ එකක මිල  රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගන්නා බව  සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ආනයනික කිරිපිටිවල මිල ගණන් පහළ දැමීමට රජය කටයුතු කිරීම හේතුවෙන් එම තීරණය ගත් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයකු පැවසීය.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 150කින්ද, ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින්ද පහළ දැමීමට රජය පියවර ගනු ලැබීය.