Sunday, April 28, 2024
Follow Us
දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලබන 27 ජනතා අයිතියට 

දකුණු ආසියානු කලාපයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ අභිවනයෙන් ඉදිකරන ලද ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල (ශික්ෂණ) ශ්‍රී ලාංකේය සෞඛ්‍ය පද්ධතියට එක් කිරීම මෙම මස 27 වනදා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය. 

අභිනවයෙන් ඉදිකරන ලද ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල මහල් හයකින් සමන්විත වේ.  වාට්ටු 14 කින් සමන්විත මෙහි ඇදන් ධාරිතාවය 600 කි. නවීන උපකරණවලින් සමන්විත ශල්‍යාගාර 06 ක්, නව ජන්ම හා දැඩි සත්කාර ඒකක 02 ක් සහ   විශේෂිත ළමා ඒකකවලින්  දකුණු පළාතේ ඉදිකෙරුණු ප්‍රථම මාතෘ රෝහල මෙය  වේ.

2004 වසරේ දෙසැම්බර් මස 26 දින මෙරටට බලපෑ සුනාමියෙන් හානියට පත් මහමෝදර මාතෘ රෝහල කරාපිටියේ නව රෝහලක් ලෙස ඉදිකිරිමට එවකට ජර්මනියේ චාන්සලර්වරයාව සිටි ආචාර්ය හෙල්මුට් කෝල් මහතා තීරණය කළ අතර හෙල්මුට්කෝල් පදනම විසින් පිරිනැමුණු ප්‍රදානයක් මගින් රජය විසින් ලබාදුන් ඉඩමක සුනාමියෙන් වසරකට පසු එනම් 2005 දෙසැම්බර් 26 දින මේ සඳහා  මුල් ගල තැබිණි. 

මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් 2008 වසරේ මෙම ව්‍යාපෘතිය ඇනහිටි අතර 2012 වර්ෂයේදී නැවත මෙහි ඉදිකිරීම් ආරම්භකර ඇති අතර ඒ සදහා ජර්මනියේ KFW (ජර්මන් සංවර්ධන බැංකුව) හා මුදල් අමාත්‍යාංශය අතර ඇතිකරගත් ගිවිසුමක් මගින් යූරෝ මිලියන 28ක සහන මුදල් මේ සඳහා වෙන් කෙරිණි. 2018 වර්ෂයේදී  KFW බැංකුව සමඟ යුරෝ මිලියන 13ක්  සඳහා වෙනම ගිවිසුමක් අත්සන් කළ නමුත් පසුව එම  යුරෝ මිලියන 13ක ප්‍රදානයක් බවට පරිවර්තනය විය.