Friday, April 24, 2026
Follow Us
කොකේන් කරල් ගිල දැමූ ගුවන් මගියෙක් අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන කරල් 12 සමග පුද්ගලයෙකු අද (23) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ තුළදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වෙනිසියුලානු ජාතික 41 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අද උදෑසන බ්‍රසීලයේ සිට ඩුබායි හරහා කටුනායකට පැමිණ තිබූ අතර එහිදී අත්අඩංගුවට පත් වුණි.

ඔහු සතුව තිබී ග්‍රෑම් 132ක් බර කරල් 12ක් සොයාගෙන ඇති අතර ඒවා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.