Tuesday, May 07, 2024
Follow Us
ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කගේ මුඛයේ එකම දතක්වත් නැහැ

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කට  එකම දතක්වත් නැති බවත්, එය විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බවත්, දත් ආරක්ෂා කර ගැනීම, මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම පිළිබදව දැනුවත්කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය  රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ “සතුටු මුවයි-සුවැති සිරුරයි” යන්න තේමා කර ගනිමින්  ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් ඊයේ (22) ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවති විශේෂ උත්සවයකට සහභාගි වෙමිණි.

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය, යුනිලීවර් සමාගම එක්ව සංවිධානය කරන ලද මෙම විශේෂ දන්ත කදවුර මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 2000 අධික පිරිසකගේ මුඛ සෞඛ්‍ය පරීක්ෂාව හා මුඛ සෞඛ්‍ය පිළිබද පෙර පාසල් ගුරුවරුන් දැනුවත්  කිරීමට සැලසුම් කර තිබිණ .