Tuesday, May 07, 2024
Follow Us
පොහොර සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස් 

මෙවර යල කන්නයේ වී වගාවට හා අනෙකුත් බෝග වගාවට අවශ්‍ය සියලුම පොහොර වර්ග හිඟයකින් තොරව සැපයීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ  නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. 

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ  වී සහ අනෙකුත් බෝග වගාවට අවශ්‍ය මෙම පොහොර සම්බන්ධව  ඊයේ (20) පස්වරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවේදීය.

මෙවර යල කන්නයේ පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 130,000කි. එමෙන්ම TSP මෙට්‍රික් ටොන් 33,000ක් හා MOP මෙට්‍රික් ටොන් 39,000කි.

දැනට රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම ද සතුව ඇති පොහොර මෙන්ම පුද්ගලික අංශය සතුව ද අවශ්‍ය තරම් පොහොර තොග ඇති බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සහ ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙහිදී  සඳහන් කළේය