Friday, February 13, 2026
Follow Us
හෝමාගම, බටහිර හොරගල සමුපකාර ප්‍රාදේශීකය වෙනුවට "මිනි කෝප් සුපර්" වෙළඳ සැලක්

ගුණත්වයෙන් යුතු පාරිභෝගික සේවාවක් සහ බැංකු සේවාවක් ජනතාව වෙත ලබා දීමේ අරමුණින් හෝමාගම, බටහිර හොරගල සමුපකාර ප්‍රාදේශීකය නවීකරණය කර "මිනි කෝප් සුපර්" වෙළඳ සැලක් ලෙස ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මීට සමගාමීව නවීකරණය කෙරුණු හෝමාගම විවිධ සේවා සමුපකාර සමිතියට අයත් බටහිර හොරගල සමූපකාර ග්‍රාමීය බැංකු ශාඛාවද විවෘත කෙරිණ.

මෙම අවස්ථාවට සමගාමීව සමුපකාර ග්‍රාමීය බැංකුවේ ගිණුම් හිමි පාසල් සිසුන්ට සහ තෝරගත් ගිණුම් හිමියන් පිරිසකට අභ්‍යාස පොත් ඇතුළු ලිපි ද්‍රව්‍ය සහ විශේෂ සමරු තිළිණ පිරිනැමීමක්ද සිදුවිය.