Sunday, April 28, 2024
Follow Us
35 සරසවිය සම්මාන උළෙලට කටයුතු සූදානම්

දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය 35 වන සරසවිය සිනමා සම්මාන උළෙල මාර්තු 28 පස්වරු 6 සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතී.

ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ(05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණා.

මෙවර සරසවිය සම්මාන උළෙල පවත්වනු ලබන්නේ 2019 හා 2020 වසර ඇතුළත මෙරට තිරගත වුණු ශ්‍රී ලාංකේය චිත්‍රපට 40ක් වෙනුවෙන්.

තරඟකාරී අංශයේ සම්මාන 24කින්, ජනප්‍රිය අංශයේ සම්මාන ත්‍රිත්වයකින්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ සම්මානයකින්, රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානයකින් සහ ජන ආකර්ෂණීය සිනමා පටයට අදාළ සම්මානයකින් සමන්විතව එක් වසරකට අදාළ ව සම්මාන පිරිනැමීම සිදු වනවා.

මෙම මාධ්‍ය හමුවට ලේක් හවුස්, සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදර්ශන ගුණවර්ධන, සරසවිය ප්‍රධාන කතෘ නුවන් නයනජිත් යන මහත්වරුන් ඇතුළු අනුග්‍රාහක භවතුන් එක් ව සිටියා.

මෙහි දී අනුග්‍රාහක සංඛේත චෙක්පත් නිල වශයෙන් භාර දීම ද සිදු වීම විශේෂත්වයක්.