Thursday, April 23, 2026
Follow Us
සෞඛ්‍ය ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රශ්ණ කිරීම් වලින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා රහස් පොලිසිය ඊයේ (01) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

 

රහස් පොලිසිය කළ කැඳවීමකට අනුව ඊයේ රහස් පොලිසිය හමුවේ පෙනී සිටි සමන් රත්නායක මහතාගෙන් සිද්ධියට අදාළව හෙළි කරගත යුතු කරුණු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.