Friday, February 13, 2026
Follow Us
වෙඩි තැබීමකින් PHI ජිවිතාක්ෂයට

ඇල්පිටිය, පතිරාජ මාවතේ නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කරන්දෙණිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ රොෂාන් කුමාර විතානගේ නැමැති 51 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කරයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසුවේ, අද (26) උදෑසන 07ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි.