Friday, February 13, 2026
Follow Us
ව්‍යාජ අවලෝකිතේශ්වරට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අවලෝකේතීෂ්වර බෝධිසත්වයන් ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබේ.

මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් ඇප නියම කරන බව අධිකරණය නියෝග කළේය.

ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කර තිබේ.

සෑම සදුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලේ පැවැත්වෙන වෛද්‍ය සායනයට ඉදිරිපත් විය යුතු බවට ද අධිකරණය නියෝග කර ඇත.