Friday, February 13, 2026
Follow Us
සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 03 දා

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයට  අදාළ සම්මුඛ පරීක්ෂණ 2024.02.03 දින හම්බන්තොට හෙද විදුහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා පවසයි. 

මීට අදාළ සියලු තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුව (https://www.health.gov.lk/) පරිශීලනය මගින් ද ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත්  සඳහන් කරයි