Monday, September 09, 2024
Follow Us
2024- 2025 වසර වන විට හස්ත කර්මාන්ත කේෂ්ත්‍රයෙන් රුපියල් බිලියනයක්

2024- 2025 වසර වන විට හස්ත කර්මාන්ත කේෂ්ත්‍රයෙන් රුපියල් බිලියනයක් උපයා ගැනීමට අප බලාපොරොත්තු වන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

වාර්ෂිකව “ශිල්ප අභිමානී” ජාතික හස්ත කර්මාන්ත තරගය සහ ප්‍රදර්ශන උත්සව අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වසර විස්සක් තිස්සේ මෙරට සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත කේෂ්ත්‍රයේ නිරතව සිටින පිරිස් ඇගයීමට මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරනු ලැබුවා. රට අර්බුදයකට ලක්ව තිබූ පසුබිමක වුවද නව වසරේ නැවුම් බලාපොරොත්තු සහිතව මේ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වීම මහත් භාග්‍යයක් කොට සලකනවා.

රජයේ සහ සම්ප්‍රදායික කර්මාන්ත කේෂ්ත්‍රයේ විශේෂඥයන්ගේ මඟපෙන්වීම මත හස්ත කර්මාන්ත කේෂ්ත්‍රය අද වන විට යම් පිබිදීමකට ලක්ව තිබෙනවා.

රට අර්බුදයකට ලක්ව තිබුණත් මේ කේෂ්ත්‍රයේ නිරතව සිටින කලාකරුවන් ඇගයීමට ජනාධිපතිතුමා කටයුතු කිරීම අපට මහත් ශක්තියක් බව කිවයුතුයි. පසුගිය අයවැයෙන් සාම්ප්‍රදායික කලාශිල්පීන්ට අවශ්‍ය කරන ණය පහසුකම් පවා ලබා දුන්නා. හස්ත කර්මාන්තයට ලෝකයේ මහත් ඉල්ලුමක් තිබෙනවා.

මෙම කර්මාන්තකරුවන් පසුගිය කාලයේ අර්බුද රැසකට මුහුණ දී තිබුණා. ඔවුන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයා ගැනීම බාධාවක් වී තිබුණා. නමුත් අපි කර්මාන්තකරුවන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සොයා දීමට කටයුතු කළා. අද වන විට සාම්ප්‍රදායික කර්මාන්තය නව ප්‍රබෝධයකින් යුතුව ඉදිරියට යමින් තිබෙනවා. අප සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් ආරක්ෂා කළ යුතුයි. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතුව තිබෙනවා.