Friday, July 03, 2026
Follow Us
ගාල්ලේ තරුණ තරුණියන් වෙනුවෙන්  රැකියා පොළක්

ගාලු දිස්ත්‍රික්කයේ තාරුණ තරුණියන්ගේ සිහින සැබෑ කරගැනීමට සහයවීමට අපේක්ෂා කරමින් රැකියා පොළක් ඊයේ  (19) ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හොල් ඩී ගෝල් ශාලාවේදී ආරම්භ විය.

 

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ මඟ පෙන්වීමට යටතේ මිනිස් බල සහ රැකී රක්ෂා දේපාර්තමේන්තුව හා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙම රැකියා පොළ සංවිධානය කර තිබිණි.

මෙහිදී නව රැකියා අපේකෂා කරන තරුණ තරුණියන්ට සිය රැකියා සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශ ලබාදීමද සිදුවිය. එහිදී ස්ව්‍යං රැකියා, විදේශ රැකියා, ත්‍රිවිධ හමුදා ඇතුළු ආරක්ෂක අංශ වල රැකියා සඳහා වූ අවස්ථා සම්බන්ධයෙන්ද දැණුවත් කිරීම් පැවැත්විණි.

 

ගෝලීය රැකියා ලොවට මං විවරකරණ වෘත්තීය පුහුණු අවස්ථා සම්බන්ධයෙන් දැණුවත් කිරීම්ද මෙහිදී සිදුවිය