Saturday, February 14, 2026
Follow Us
කම්කරු දෙපාර්තමේන්තුවේ නවක නිලධාරීන්ට සේවාරම්භක පුහුණු වැඩමුළුවක්

කම්කරු දෙපාර්තමේන්තුව සඳහා බඳවා ගනු ලැබූ නවක කළමනාකරණ සේවා නිලධාරීන් සඳහා වන සේවාරම්භක පුහුණු වැඩමුළුව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණි.

නවීන වැඩ ලෝකයට ගැළපෙන ශ්‍රමිකයෙක් බිහි කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ ඵලදායී හා සක්‍රීය මැදිහත්වීමේ වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී පැහැදිළි කළේය. වඩාත් කාර්යක්ෂම හා ඵලදායී දෙපාර්තමේන්තුවක් බවට කම්කරු දෙපාර්තමේන්තුව පත් කිරීමේ වැදගත්මද ඔහු පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවට කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.