Saturday, February 14, 2026
Follow Us
දරුවන් දෙදෙනෙකුට ‘නිපා‘ ආසාදිතයි ප්‍රචාරය බොරුවක්

නිපා වෛරසය ආසාදිත දරුවන් දෙදෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය හා වට්ස්ඇප් පණිවුඩ ඔස්සේ පැතිර යන ප්‍රචාර සත්‍යයෙන් තොර බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සදහන් කරයි.

මෙවැනි ප්‍රචාර හේතුවෙන් සෞඛ්‍ය සේවා පද්ධතියට හානියක් සිදුවන අතරමථ ජනතාව තැතිගැන්වීමකට ලක්වන බව රෝහල් අධ්‍යක්‍ෂවරයා අවධාරණය කළේය.

එවැනි රෝගියෙකු ඉදිරියේ දී හදුනා ගැණුනහොත් කෙසේ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව සාකච්ඡා පවත්වා ඇතැයි ද ඔහු පැවසීය.