Saturday, February 14, 2026
Follow Us
රැකියාවල නියතු කාන්තාවන්ට ඇති අවදානමක්

වයස අවුරුදු 45ත් සහ 65ත් අතර රැකියා වල නියුතු කාන්තාවන් පිළිකා රෝග වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

රැකියාවල නිරත කාන්තාවන් පරික්ෂණ සඳහා යොමුවීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් වාර්තාවන පිළිකා රෝගීන්ගෙන් 26%ක්ම පියයුරු පිළිකා රෝගීන් බව ද වාර්තා වී තිබේ. 

පියයුරු පිළිකා දැනුවත් කිරිමේ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මෙම අදහස් පළ කළාය.