Saturday, February 14, 2026
Follow Us
ඉන්දියාවේ භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් මෙරටට

දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාව විසින් මෙරටට ලබාදීම සඳහා එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමග භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් කිහිපයක් මෙරටට ලබාදීමට එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

එම දුම්රිය එන්ජින් මෙරටට යෝග්‍ය වන්නේ ද සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉදිරියේ දී තාක්ෂණික කණ්ඩායම ඉන්දියාව වෙත යැවීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

අනතුරුව එම දුම්රිය එන්ජින් මෙරටට ලබා ගැනීමට තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා විය.

Aruna